දේශපාලන පුවත් » ‘අලුත් පක්‍ෂයක් ඕනෑමයි : මහින්ද-ගෝටාත් ඒ මතයේමයි’ – බැසිල්

Game description:

3b4dccb32b71124f76d4401dd8854f16_L

නව දැක්මක් මෙන් ම නව ජීව ගුණයක් ගැබ්කරගත් දේශාපාලන පක්‍ෂයක් නිර්මාණය නොකොට පවතින අභියෝග ජය ගැනීමට නොහැකි බව සක්සුදක් සේ තමාට පැහැදිළි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අවධාරණය කොට සිටියේ ය.

මහින්ද රාජපක්‍ෂ මෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ ද මේ ‍මතයේ ම සිටින බව ද ඔහු තරයේ කියා සිටියේ ය.

තමන්ට හා තම සහෝදරයින්ට රජය විසින් නිරන්තරයෙන් කර අඩන්තේට්ටම් පිළිබඳ මෙරට ජනතාවට නිසි අවබෝධයක් නැති බවත් තම මුළු දවසම ගතකිරීමට සිදුව ඇත්තේ නානාප්‍රකාර බොරු චෝදනාවලට පිළිතුරු දීම සඳහා මිඩංගු කරමින් බවත් බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ය.

තමන් ඇත්තට ම රාජ්‍ය දේපළ සොරා කා තිබේනම් මෙවැනි චෝදනාවන්ට ලක්වීම ඉවසා සිටිය හැකි බවත්, goedkoop nike air max 2017 අනගාරික ධර්මපාලයන් තම මව්බිම දෙස නොබලා මරණයට පත්වීම පවා තෝරා ගැනීමේ සැබෑ අරුත තමන්ට දැන් ඉතා හොඳින් වැටහෙන බවත් හිටපු අමාත්‍යවරයා අප සමග පවසන විට ඔහුගේ ස්වරයෙහි යම් බිදුණු බවක් දක්නට ලැබුණි.

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා තමන් හා කී කතාවක් සිහිපත් කරමින් බැසිල් මහතා අවසාන වශයෙන් කියා සිටියේ මීයෙක් මැරීම සඳහා ගෙයක් ම ගිනි තැබිය යුතු නැති බව ය.

660*90

Comments:

Comments are closed.