දේශපාලන පුවත් » ආගමික ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් නීති පනවන්න රජයට බෑ

Game description:

423511534324088269ranil-at-parliament2

වෙනත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් නීති පැනවීමට රජයට හැකි වුව ද ආගමික ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන්  නීති පැනවීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රි මහා සංඝ සභාවේ අභිනව අනුනායක මාහාචාර්ය කොටපිටියේ රාහුල හිමි පිළිගැනීම වෙනුවෙන් වාද්දූව තල්පිටිය බෝධිරාජාරාම මහාවිහාරස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි නීති පැනවීම සම්බන්ධයෙන් ආගමික නායකයින්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට පමණක් රජයට හැකියාව පවතින බවයි.

660*90

Comments:

Comments are closed.