ක්‍රීඩා පුවත් » ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව නවසීලන්තයට එක් කඩුල්ලක ජයක්

Game description:

උණුසුම් සටනකින් පසු ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව සමග පැවති තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් ලබාදුන් ලකුණු 152ක ඉලක්කය හඹාගිය නවසීලන්ත පිතිකරුවන් තරගය ජයග‍්‍රහණය කළේ 24වන පන්දුවාරයේ පළමු පන්දුවේදීයි.

කෙසේ වෙතත් ඒ වන විට නවසීලන්ත පිතිකරුවන් 9 දෙනෙකු ක‍්‍රීඩාගාරයට හරවා යැවීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් සමත්වුණා. පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමේ අවසන් කඩුලූ 4 එක් ලකුණක් තුළ බිඳවැටීම හේතුවෙන් එය යළි දෙපිලට විවෘත තරගයක් බවට පත්වුණා. කෙසේවෙතත් තීරණාත්මක අවස්ථාවේදී කි‍්‍රයාත්මක වූ කේන් විලියම්සන් හයේ පහරක් එල්ල කරමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළා.

පන්දු 42කදී කේන් විලියම්සන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 45ක්. බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 50ක් රැස්කළා. අද තරගයේදී ඔස්ටේ‍්‍රලියාව සාර්ථක ආරම්භයක් ලබාගත්ත ද ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් පස්දෙනෙකු ලකුණු 27ක් තුළ දවාගනිමින් ඔවුන්ගේ ඉනිම බිඳ දැමීමට ටෙ‍්‍රන්ට් බෝල්ට් සමත් වුණා.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. 1983 වසරේ ඉන්දියාවට එරෙහිව ලකුණු 129කට දැවී යාම ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ටේ‍්‍රලියාව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වනවා. 329996-28-2-2015-icc-nva-gh4-o330118-28-2-2015-icc-nva-gh10-o330126-28-2-2015-icc-nva-gh16-o

 

660*90

Comments:

Comments are closed.