කළා පුවත් » කෝපිකඩේ එන්සිනා රඟමඩලින් සමුගනී

Game description:


ensina

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන කෝපි කඩේ ටෙලි නාට්‍යයේ “එන්සිනා” ලෙස රඟපාමින් රසික සිත් සතන් වල සදා ලැඟුම් ගත් සුසිලා කූරගම මහත්මිය අද (01) සවස දැයෙන් සමු ගත්තා. මිය යන විට 71 වන වියේ පසු වූ ඇය විශ්‍රාමික පොලිස් නිලධාරි M.V ඥානතිලක මහතාගේ ප්‍රිය භාර්යාවයි. කොළඹ නරාහේන්පිටදී 1943 ඔක්තෝම්බර් මස 14 වන දින උපන් ඇය වයස අවුරුදු හතේ සිටම වාගේ කලා කටයුතු වලට සම්බන්ධ වී ඇත. නාඩගම්, නාට්‍ය, වේදිකා, ටෙලිනාට්‍ය, සේම සිනමාවේද රංගන ශිල්පිනියක වූ ඈ නාට්‍ය නිශ්පාදනයටද දායක වී ඇත. කලා භූෂණ සම්මානයෙන් පවා පිදුම් ලද ඇය දරුවන් හය දෙනෙකුගේ මවකි. කාලයක් තිස්සේ දැඩිව රෝගාතුරව සිටි ඇය පසුගිය විසි දෙවන දින සිට වඩාත් අසාධ්‍යව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අවමංගල්‍ය කටයුතු ගැන පසුව දැනුම් දෙනු ලැබේ.

660*90

Comments:

Comments are closed.