කළා පුවත් » ඩුප්ලිකේට් බන්දු යළි උසාවියට

Game description:

c876f151dae9480686174bdaff5903c5_L

“ඩුප්ලිකේට් බන්දු” යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධිටය පත්ව සිටින බින්දු බෝතලේගම මහතාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ ඊයේ (15) විභාගයට ගැනිණි.

ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා අනුකරණය කරමින් චිත්‍රපටවල ඔහුගේ නමින් රඟපා DVD තැටි අලෙවි කළැයි බෝතලේගම මහතාට චෝදනා එල්ල වී ඇත.

බන්දු සමරසිංහ මහතා අනුකරණය කරමින් DVD තැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් දෙන්නැයි බින්දු බෝතලේගම මහතාට නියෝග කෙරුණු අතර සාමදාන වන්නැයි ද මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයට උපදෙස් දුන්නේ ය.

බන්ධු සමරසිංහ මහතා බින්දු බෝතලේගම මහතාට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි චෝදනා මත ය.

බන්දු සමරසිංහ මහතා අනුකරණය කරන බවට චෝදනා එල්ල වුණු බින්දු බෝතලේගම මහතා රඟපෑ චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක දැන්වීමක් පහතින්.

660*90

Comments:

Comments are closed.