ප්‍රාදේශීය පුවත් » ඩෙංගු බෝවීම අඩු කරන්න වැඩපිළිවෙලක්

Game description:

dengue-fever

බස්නාහිර පළාතේ පවතින ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානම අවම කිරිමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පරිශ්‍ර 9883ක් පරික්ෂාවට ලක් කළ බව කොළඹ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සමඟ එක්ව තෙදින වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවයි.

එලෙස පරික්ෂාවට ලක් කළ ස්ථාන අතරින් සියයට 10 ක ප්‍රමාණයක මදුරුවන් බෝවිය හැකි පරිසර තත්ත්වයන් තිබූ බව ඔහු පැවසුවේය.

තවත් සියයට 02 ක පමණ ප්‍රමාණයක මදුරු කීටයන් බෝවිය හැකි පරිසර තත්ත්වයන් තිබූ බව වෛද්‍ය රුවන් විජේමුණී මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ වියලි කාලගුණ තත්ත්වයක් පැවැතිය ද ඩෙංගු මදුරුවන් බෝවිමේ අවධානමක් පවතින බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

මේ හේතුවෙන් නිවෙස් තුළ ඇති ජලය සහිත මල් බදුන්, ශිතකරණයන්හි, ජලය රැදෙන බඳුන් ඇතුලුව ජලය රැදෙන ස්ථාන සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස වෛද්‍ය රුවන් විජේමුණි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

660*90

Comments:

Comments are closed.