කළා පුවත් » නෙළුම් යායේ පිපෙන බ්ලොග් කරැවන්

Game description:

f9d090d9c7d0546b73704b160d706adf_L

මෙවර නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මාර්තු 26 වන දින සවස 02.30 ට කොළඹ නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍යය සහ ප්‍රවෘති අමාත්‍යාංශයේ සම්මන්ත්‍රණ ශාලාෙව් පැවැත්වීමට කටයුතු යොදා අැත.

මෙවර සම්මාන සඳහා බ්ලොග් 150ක පමණ ඉදිරිපත් වී අැති අතර 2015 බ්ලොග් සම්මාන සඳහා වසරේ බ්ලොග්කරු/ කාරිය-යන සම්මාන සඳහා අවසන් වශයෙන් නිර්දේශිත ස්ථාන වී ඇත්තේ

යාං හෑල්ල – රංජිත් සුරංග මහතා
බස්සිගේ නවාතැන- යශෝධා සම්මානි ප්‍රේමරත්න මහත්මිය
කුරුටු ගෑ ගී පවුර- තුෂාර විතාරණ මහතා
විචාරක- අසමි දකිමි සොයමි

නිදහස් සිතුවිලි- රවී වීරසිංහ මහතා.
යන බ්ලොග් අඩවින් වේ.

මෙම සම්මාන උළෙල සඳහා නම් නිර්දේශ නොවූ නමුත් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ උන්නතිය පතන සියලුම බ්ලොග් රචකයින්, බ්ලොග් කියවන්නන්, කොමෙන්ට්කරුවන් ඇතුළු සියලු බ්ලොග් හිතකාමී සහෘදයින්ට එදින මෙම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගී වන ලෙස 2015- නෙලුම්යාය බ්ලොග් සම්මාන සංවිධායක කමිටුව ආරාධනාකර සිටියි.

NelumYaya1_600px_16_03_24 (1)

660*90

Comments:

Comments are closed.