දේශපාලන පුවත් » පක්ෂ 32කට ලියාපදිංචිය අහිමිවෙයි?

Game description:

fb69ff54255228ede6cd2a42bd3808d2_L

පළාත් පාලන ආයතන 02ක මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල්ගතවීම හේතුවෙන් දේශපාලන පක්ෂ 32කට වැඩි ප්‍රමාණයකට පක්ෂ ලියාපදිංචිය අහිමි වී ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව වසර 14කින් පක්ෂ ලියාපදිංචියක් සිදු වී නොමැති බවත් ඒ අනුව එම කාලය තුළ දී නව පක්ෂ ලියාපදිංචි කිරීමක් සිදු වී නොමැති බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

පුදුකුඩිඉරිප්පු හා මුහුදුබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණය මීට වසර 04කට පෙර ප්‍රකාශයට පත් කළ ද විවිධ හේතු නිසා එම ආයතන දෙකෙහි මැතිවරණය මෙතෙක් පැවැත්වීමට නොහැකි වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඒ හේතුවෙන් පක්ෂ ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත් එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පනතක් සම්මත කර අදාළ ආයතන දෙකේ මැතිවරණය අවලංගු කර දැමිය යුතු බවත් විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

660*90

Comments:

Comments are closed.