ජාතික පුවත් » පත්කොට සතියෙන් යුදහමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ සහ වන්නි ආඥාපති ඉවතට

Game description:

160 copyයුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ බි්‍රගේඩියර් දුමින්ද කැප්පෙටිවෙලාන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර අධ්‍යක්ෂ පාබල තනතුරට පත් කර තිබෙනවා. ඊට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් මාණ්ඩලික ලෙස කටයුතු කළ මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතාද යළිත් වන්නි ආරක්ෂක ආඥාපති ලෙස පත් කර තිබෙනවා. ඔවුන් මෙම තනතුරුවලට පත්කොට සතියක් ඇතුළත එම ධුරයන්ගේ වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවී ඇති බව සඳහන්. ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතම නිලධාරියකු සේ සැලකෙන කැප්පෙටිවෙලාන මහතා පසුගිය දා යළි සේවයේ පිහිටුවනු ලැබීමෙන් පසු මෙහෙයුම් අධ්‍යක්ෂ තනතුරේ පිහිටුවනු ලැබුවා. මෙම පත්කිරීම සිදුකෙරුණේ, ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අවශ්‍යතාව මත බවට වාර්තා පළවී තිබුණා. කෙසේ වෙතත්, සතියකට පෙර සිදු කළ මෙම වෙනස්කම්වලදී වන්නි ආඥාපති ලෙස පත් කළ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ලබාදී ඇති තනතුර සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වන්නේ නැහැ.

660*90

Comments:

Comments are closed.