Event, ප්‍රාදේශීය පුවත් » පොඩිත්තන්ගේ කාටුන් වීරයොත් එක්ක KIDS LAND මීගමුවට එන්නයි සුදානම

Game description:

Kids Land

ඔන්න පොඩිතතනේ අලුත් අවුරුද්දේ අවුරුදු සිරියත් අරගෙන්ම පුංචි ඔයාලාගේ කාටුන් වීරයොත් එක්ක KIDS LAND මීගමුවට එන්නයි සූදානම් වෙලා ඉන්නේ. KIDS LAND කියන්නේ පුංචි ඔයාලා වෙනුවෙන්ම ඔයාලගේ පවුලේ හැමෝටම ඇවිත් විනෝද වෙන්න පුල්වන් විදිහෙ පුංචි පුංචි ක‍්‍රීඩා ගොඩාක් තියන කානිවල් එකක් හැබැයි මේ කානිවල් එක ඔයාලා වෙනුවෙන්මයි. මේ අවුරුදු කාලේ නිසා අවුරුදු ක‍්‍රීඩා ගණනාවක්මත් එදාට තියනවා.

ඒ වගේම ඔයාලගේ අයියලා, අක්කලා, අම්මලා, තාත්තලා මේ හැමොටමත් ඔයාලත් එක්කම විනෝදයෙන් මුලුදවසම කිසිම කම්මැළිකමක් නැතිව ගතකරන්නත් පුලුවන්. හොඳම ගායකයා, හොඳම නිවේදකයා/ නිවේදිකාව, හොඳම නඵවා, හොඳම නර්ථනය වැනි තරග ඉසව් ගණනාවක්ද තියනවා. මේ තරගවලට සහභාගි වෙලා දිනන හැමෝටම අතපිරෙන්න තෑගි ගොඩක් ලැබෙනවා… ඉතිං ඔයාලා හැමෝම එදාට එන්න හොඳේ…

අහ්… මට අමතක උනා තියන සතුට වැඩිකමට කවද්ද දන්නවාද මේක කියෙන්නේ හරියටම  2016 අප‍්‍රියල් මස 24 වෙන්දා…. උදේ 9.00 ඉදලා… දවස පුරාම මීගමුව නගරසභා භූමියේදී…. නැටුම් සංගීතය කැම බීම මේ හැමදෙයක්ම එදාට අඩුවක් නැතිව හිතපිරේන්න තියනවා… 

මෙම  වෙළඳ ප්‍රදර්ශණය හා සැණකෙළිය  සංවිධානය කරන්නේ SAHAS party rockers ආයතනයි. මේ සඳහා නිල වෙබ් මාධ්‍ය අනුග්‍රාහය ලබාදෙන්නේ www. negombonews.lk   web අඩවියයි.

වැඩි විස්තර දැනගන්න කතාකරන්න: 0777 467 938 / 077 0715 030

 

660*90

Comments:

Comments are closed.