විශේෂාංග » මොකක්ද මේ ABS කියන්නේ… ?

Game description:

abs0000


ABS හෙවත් Anti-lock Braking System කියන්නේ මෝටර් රථ වල යොදා ගන්නා ආරක්ෂක තිරිංග පද්ධතියක්. මෙම පද්ධතියේ සේවය අපට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ හදිසියේ තදින් තිරිංග තද කරන අවස්ථාවකදී. මෙලෙස ක්‍ෂණිකව තදින් තිරිංග තද කිරීමේදී රෝද සිරවිමකට ලක්වී වාහනය ලිස්සා යන්න පුළුවන්. විශේෂයෙන්ම, වැසි දිනයකදී හෝ හිම පතනයකදී වැනි අවස්ථාවකදී මෙලෙස වාහනය ලිස්ස්යා යාමේ ඉඩකඩ බොහොමත්ම වැඩියි. වාහනයයේ රෝද ලිස්සිමට පටන් ගත් විට රියදුරාට සුක්කානම කරකවා වාහනය පාලනය කරන්න හැකි වෙන්නේ නෑ. ඒ වගේම තමයි මෙවන් අවස්ථාවක වාහනය නවතා ගන්න යන දුර ප්‍රමාණය ලිස්සා නොයන අවස්ථාවක යන දුර ප්‍රමාණයට වඩා වැඩියි. මේ නිසා බරපතල අනතුරු ඇතිවීමේ අවධානමක් තියෙනවා. ABS පද්ධතිය මගින් සිදු කරන්නේ තිරිංග තද කිරීමකදී වාහනයේ රෝද හිරවීම වලක්වා වාහනය ලිස්සායාමට ඇති අවධානම වලක්වා ගැනීමයි. මේ නිසා කෙටි දුරකදී වාහනය නතර කර ගත හැකි වනවා වගේම වාහනය මනාව පාලනය කර ගන්නත් රියදුරු ට අවස්ථාව ලැබෙනවා.


 

abs-3


ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්ව විද්‍යාලයෙන් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී තියෙනවා ABS තිරිංග පද්ධතියක් වාහනයක ඇති විට වාහන එකිනෙක හා ගැටීමෙන් අනතුරු සිදුවීමේ අවධානම 18% කින් සහ වාහනය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් පිටතට ලිස්සා ගොස් අනතුරු සිදුවීම අවධානම 35% කින් ද අඩු වන බව. මීට අමතරව, ඇමෙරිකාවේ Insurance Institute for Highway Safety (IIHS) නම් ආයතනය මගින් සිදු කල සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා ABS පද්ධතිය සහිත මෝටර් සයිකල් පැදවීමේදී මාරක අනතුරු ඇතිවීමේ අවධානම 37%කින් අඩු වන බව. මේ අනුව ABS පද්ධතියක වැදගත්කම ඔබට හොඳින් වැටහෙනු ඇති.

ABS පද්ධතියේ ඇති වැදගත්කම නිසාම 2007 වසරේ සිට යුරෝපයේ අලෙවි කරන සියලුම කාර් සඳහා ABS පද්ධතිය අනිවාර්න්ම තිබිය යුතු බවට නීති පනවා තිබෙනවා. මෙයින් තවත් ඉදිරියට යමින් ඇමෙරිකාව 2011 වසරේදී නීති සම්පාදනය කර තිබෙනවා ABS පද්ධතිය මෙන්ම Electronic Stability Control (ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පාලනය) පද්ධතියත් අනිවාර්යයෙන්ම කාර් වල තිබිය යුතු බවට.


abs-1


ඉතිහාසය:

ABS පද්ධති ගැන කතා කරන විට අපිට නිතැතින්ම සිහියට නැගෙන්නේ මෝටර් රථ වුනත් මෙම තාක්‍ෂණය මුලින්ම හඳුනවා දී තියෙන්නේ ගුවන් යානා සඳහායි; ඒ 1929 තරම් ඈත අතීතයේ. ප්‍රංශ විසු මෝටර් රථ සහ ගුවන් යානා තාක්‍ෂණයේ විශේෂඥ දැනුමක් ඇත්තෙක් වූ ගබ්රියෙල් වොඉසින් තමයි මෙම තාක්‍ෂණය මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ (ඡායාරූප අංක 01). මෙම මුල් තාක්‍ෂණය අද මෙන් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කර නිපදවූවක් නෙමෙයි. ජවරෝදයක් (flywheel) සහ හයිඩ්‍රොලික් වෑල් පද්ධතියක් මගින් තමයි මෙය ක්‍රියාත්මක වී තියෙන්නේ. ගුවන් නියමුවා හදිසියේ දැඩිව තිරිංග තද කරන අවස්ථාවකදී ගුවන් යානය ලිස්සා යාම වලක්වා ගැනීම සඳහා තමයි මෙය යොදාගෙන තියෙන්නේ.

 


source: awidimu.com

 

660*90

Comments:

Comments are closed.