කළා පුවත් » වී.අයි.ලෙනින් මිය ගොස් වසර 92 ක් පිරෙන සැමරුම කොළඹ මහජන පුස්තකාලයේදී .

Game description:

lenin

වී.අයි.ලෙනින් මිය ගොස් වසර 92 ක් පිරෙන (21දා) දිනයේදී වී.අයි. ලෙනින් සැමරීම සඳහා කොළඹ මහජන පුස්තකාලයේදී ලෙනින් සැමරු ප්‍රදර්ශනයක් හා සැමරු දේශනයක් පවත්වන බව ලෙනින් සමරු කමිටුව සඳහන් කරයි.

මෙහිදී ‘ලෙනින් කියවමු’ ග්‍රන්ථය එළිදැක්වීමට කටයුතු කරන බවත්, පාසල් දරුවන් සඳහා චිත්‍ර වැඩමුළුවක් හා ලෙනින් ප්‍රකාශන ඇතුළත් වෙළෙඳ කුටියක් හා සමරු දේශන පවත්වන බවද එම කමිටුවේ සභාපති චන්දිම විමලසුරේන්ද්‍ර මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට විදේශීය තානාපතිවරුන් කිහිපදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගීවීමට නියමිත බවද ඒ මහතා පවසා සිටියේය.

660*90

Comments:

Comments are closed.