ජාතික පුවත්, රැකියා » සිංගප්පූරු රැකියා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Game description:

Untitledsinga-1සිංගප්පූරු වරාය ආශ්‍රිතව ලබා දෙන රැකියා සඳහා ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු 26 වැනිදා සිට සතියක කාලයක් තිස්සේ සිදු කරන බව අමාකි ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනය පවසයි.

සිංගප්පූරු වරාය අධිකාරියේ නිලධාරීන්ද මෙම තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමට නියමිතය. ලෝකයේ තෙවන විශාලතම වරාය ලෙස සැලකෙන සිංගප්පූරු වරාය මේ දිනවල තවත් පුළුල් කරමින් පවතින අතර, අමාකි ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනය හරහා ශ්‍රී ලාංකිකයන්ටද මෙම රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව උදාකර දී ඇත.

මුල් අවස්ථාවේදී සිංගප්පූරු වරාය අධිකාරියේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් 200කට අධික පිරිසකට සිංගප්පූරු වරාය ආශ්‍රිතව රැකියා අවස්ථා ලබා දුන්නා. දෙවන හා තෙවන කණ්ඩායම් වශයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගනු ලැබුවා. හතරවන කණ්ඩායම වශයෙනුයි තවත් ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකුට සිංගප්පූරුවේ රැකියා අවස්ථා ලබාදීමට සූදානම් කර තිබෙන්නේ.

ලැෂීන් වර්කර් සහ කන්ටේනර් රියැදුරන් වශයෙනුයි මේ සියලු බඳවා ගැනීම් සිදුකරන්නේ. ශ්‍රී ලංකා මුදලින් අවමය රුපියල් 105,000 සිට උපරිමය රුපියල් 136,500 දක්වා උපයන්නට මෙම රැකියා තුළින් අවස්ථාව සැලසෙනවා” අමාකි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ පී.කේ. සිරිමත් මහතා එසේ කියා සිටියේය.ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වසර දෙකක කොන්ත්‍රාත් කාලයකට ලබාදෙන මෙම රැකියා අවස්ථාවන් සඳහා නවාතැන්, රක්ෂණ, වෛද්‍ය හා ප්‍රවාහන පහසුකම්ද සේවාදායකයා විසින් සපයන බවය. ශ්‍රී ලංකා රජයේ සහ සිංගප්පූරු රජයේ පිළිගත් කම්කරු නීතිරීතිවලට අනුකූලවයි සියලු බඳවා ගැනීම් සිදුකරන්නේ. දුරකථන අංක 0718113939 හෝ 0777531625 යන දුරකතන අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි”අමාකි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සභාපති චන්ද්‍රකුමාර ලොකුලියන මහතා එසේ සඳහන් කළේය.

660*90

Comments:

Comments are closed.