විශේෂාංග » ළමයා දාපු මෝඩකම් කියා හිතෙන මොන්ටිසෝරි ගැරිල්ල

Game description:

z_p-25-School-01

සැතපුම් දහසක්‌ වූ දීර්ඝ ගමනක පලමු අදියර වන්නේ මුලින්ම තබන පියවර බව අපි අසා ඇත්තෙමු. එසේම මහා උගතෙකු ප්‍රාඥයෙකු හෝ ආචාර්ය මහාචාර්යවරයෙකු වෙත යන ගමනේ පලමු පියවර වන්නේ බාලාංශය නොහොත් ළදරු පාසල තුලින් ලබන මූලික අධ්‍යාපනයයි. එදා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්, වෙද රාළහාමි, ලොකු ඉස්‌aකෝලේ මහත්තයා හෝ පල්ලියේ පූජකතුමා හෝ වෙනත් එවැනි උගත් බුද්ධිමත් වැදගත් යයි සැලකෙන වැඩිහිටියෙකු වෙත ගොස්‌ වැලි පීල්ලේ හෝ ගල් ලෑල්ලක අයනු ආයනු ලියා අකුරු කියවීම අප රටේ අධ්‍යාපන සංස්‌කෘතියේ මුල් පියවර වුණි. ඉන්පසු දරුවා තවත් මද කලකට පසු පන්සලේ පිරිවෙණේ ගුරුගෙදර හෝ වෙනත් එවැනි තැනක තම ළදරු අධ්‍යාපනය ආරම්භ කළේය.

1505 න් ආරම්භ වුණු විදේශීය ආක්‍රමණයන්ගෙන් පසු ක්‍රම ක්‍රමයෙන් එය වෙනස්‌ වී අප රට තුලත් ළදරු පාසල් පෙර පාසැල් මොන්සාaරි ක්‍රමය ආරම්භ වුණු අතර වයස අවුරුදු 2 සිට පහ දක්‌වා ළදරුවන් වෙනුවෙන් අමුතුම වූ සංස්‌කෘතියක්‌ බිහි වුණි. ක්‍රම ක්‍රමයෙන් මෙම අලුත් සංස්‌කෘතිය පවුල් සංස්‌ථාවෙන් සහ අධ්‍යාපන රටාවෙන් ගලවා වෙන් කළ නොහැකි අයුරින් හරියට ගහට පොත්ත ඇළි තියෙන්නනාක්‌ මෙන් ජීවිත වලටම බද්ධ වී ස්‌ථාපිත විය.

අද අප රටේ රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික ග්‍රාමීය නාගරික සුපිරි ජාතික ජාත්‍යන්තර සමාජ සේවා පුන්‍ය සේවා අර්ධ මිල සිංහල ඉංග්‍රීසි මිශ්‍ර ආදී එකී නොකී වර්ගයේ ළදරු පාසැල් දීප ව්‍යාප්තව දකින්නට තිබේ මෙවැනි ළදරු පාසැල් තුලින් අප රටේ දරුවන්ට වන සේවය අති මහත්ය බොහෝ දුර නගින අධ්‍යාපන හිණිමගේ මුල අල්ලා දෙන මොන්ටිසෝරිය යනු ළමා මනස ආලෝකවත් කරන නිරවුල් කරන ඉලක්‌ක කරා යොමුකරන ශුද්ධ දේවාලයක්‌ කීවාට වැරදි නැත.

නමුත් අප කලින් ලිපි වල පෙන්වාදුන් ටියුෂන් කඩ මාµsයාව මෙන්ම සමහර මොන්ටිසෝරිද අද ජන ජීවිතය අවුල් කරන දෙමාපියන්ගේ මනස රිදවන අසහනකාරි තත්වයට පත් කරන ආයතන බවට පත්වී තිබේ. එවන් මොන්ටිසෝරි රැසක්‌ම අපගේ විමර්ශනයන්ට ලක්‌වී ඇත.

“අපේ පලාතේ මොන්ටිසෝරි සිය ගානක්‌ තියෙනව, ඒ ඔක්‌කොමගෙන් හොඳම එක කියල හිතාගෙන තමයි අපි අපේ පුතාව මේ මොන්ටිසෝරියට දැම්මෙ. දැන් හිතෙනව දාපු මෝඩකම කියල. සල්ලි, සල්ලි, සතියෙන් සතිය මාසෙන් මාසේ සල්ලි ඉල්ල ඉල්ල එවනව. අපි කියල ගස්‌ වලින් කඩනවද මොන දෙයක්‌ කරල හරි ඉතින් ගෙවනව නැත්නම් දරුවටනෙ හොඳ නැත්තෙ”

මෙසේ කියන නිමල්කා සහ සනත් මහරගමට කිට්‌ටුව ජීවත් වන එක්‌දරු තරුණ ජෝඩුවක්‌. ඔවුන් කියන පරිදි එකී මොන්ටිසෝරියේ පරිපාලනයෙන් මුදල් ඉල්වා එවන්නේ මෙවැනි දේ සඳහාය.

“ඉස්‌සෙල්ලම ඉස්‌කෝලෙට ඇතුල් කරන්න ඇඩ්මිෂන් µSස්‌ කියල රුපියල් හතලිස්‌ දාහක්‌ ගත්තා. ඊට පස්‌සෙ වාරයකට ඒ කියන්නේ මාස තුනකට රුපියල් විසි හතරදාහයි. මාසයකට රුපියල් අට දාහ ගානේ. යුනිෙµdaම් කිට්‌ එකකට රුපියල් එකදාස්‌ දෙසීයයි. පොත් ලයිස්‌තුවට රුපියල් අට දාහයි අපි ඉතින් කොහොම හරි අමාරුවෙන් ඒ සල්ලි හොයල බබාව මොන්ටිසෝරියට ඇතුල් කළා අපි හිතුවා එතනින් ඉවරයි කියල මොන ඊට පස්‌සේ දඩ කොල එන්න ගන්නේ වැල වගේ අලුතින් එන ළමයි පිලිගන්න කේක්‌ බිස්‌කට්‌ ගන්නයි රුපියල් තුන්සීය ගානේ ජනවාරි මාසේ එකතු කළා පෙබරවාරි මාසේ නිදහස්‌ දිනය සමරන්න කියලයි ජාතික ඇඳුම් ලමා සාරි වලටයි රුපියල් දාහයි. මාර්තු මාසේ අධ්‍යාපන චාරිකාවක්‌ යන්න රුපියල් අට සීයයි. අප්‍රේල් මාසේ සිංහල අවුරුදු පොළටයි අවුරුදු උත්සවයටයි ඇඳුම් වලටයි රුපියල් තුන්දාහයි ඊළඟට වෙසක්‌ එකට කූඩු හදන්නයි සැරසිලි වලටයි බණටයි රුපියල් අට සීයයි පොසොන් එකට භක්‌ති ගීත ඇදුම් වලටයි වාහනයේ තෙල් ගහන්නයි රුපියල් දාහයි. වාර අවසාන කොන්සට්‌ එකට නත්තල් උත්සවයට තව කීයක්‌ අපි ගෙව්වද මේක හරියට කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්‌ “

නිමල්කා සනත් යුවල පමණක්‌ නොව අපට හමුවූ තව බොහෝ අම්මලා සහ තාත්තලා කියා සිටියේ තම දරුවා හෝ දරුවන් යන මොන්ටිසෝරි පිලිබඳ අවලාද සහ නෝක්‌කඩුයි. ඒ සියල්ල ඔවුනගේ බසින් මෙහි ලියන්නට බැරි නිසා ඒ අය කතා කළදේ සාරාංශ කොට කරුණු වශයෙන් පහත දක්‌වමු.

ඇතුලත්වීමේ සහ වාරික ගාස්‌තු

බහුතරයක්‌ පාසල් වල දරුවා මුලින්ම ඇතුල් කිරීමේදී ඇතුලත්වීමේ ගාස්‌තුවක්‌ අය කරයි. එය සාමාන්‍යයෙන් රුපියල් පන්දාහේ සිට ලක්‌ෂය දෙක දක්‌වා ඉහළ අගයක්‌ ගනීs ගමේ සුලුවට කරන දුප්පත් ළදරු පාසැලක්‌ නම් සමහරවිට එය රුපියල් දෙතුන් දාහකි වාරයක්‌ හෙවත් මාස තුනක කාලයකට එක්‌ වර මුදල් අය කරයි එයද අප කලින් කී පරිදි පාසලේ තත්වය මත වෙනස්‌ වෙයි. කුඩා ග්‍රාමීය ළදරු පාසලක එය රුපියල් දෙදාහක්‌ පමණ වෙද්දී නගරයේ සුපිරි පාසලක එක්‌ තිස්‌ දාහේ සිට හැටදාහ දක්‌වා ඉහළ යයි සාමාන්‍ය මධ්‍යස්‌ථ පාසැලක වාර ගාස්‌තුව රුපියල් විසි දාහේ සිට රුපියල් තිස්‌ හතලිස්‌ දාහකි.

විවිධ හේතු නිසා සමහර දෙමාපියන්ට නියමිත දිනට පාසල් ගාස්‌තු ගෙවන්නට නොහැකි වීම අද අප රටේ සාමාන්‍ය දෙයකි ඒ අනපේක්‍ෂිතව ඇතිවන ආර්ථික අවවර්ථන සහ ගැටලු නිසාය එවන් අවස්‌ථාවල සමහර පාසැල් වල නම් සහන කාලයක්‌ දෙයි නමුත් සමහර පාලකයන් කිසි චාන්ස්‌ එකක්‌ නොදෙයි දිනපතා දරුවාගේ පනිවුඩ පොත හරහා හෝ දුරකතන ඇමතුම් මගින් සිහි කැඳවීම් කරයි.

පරක්‌කු වන මුදලට පොලී අයකරන ළදරු පාසැල් ගැනද අපට වාර්තා වී තිබේ. කොට්‌ටාව පැත්තේ වෙසෙන තරුණ අම්මා කෙනෙක්‌ මෙසේ මේ පිළිබඳ අදහස්‌ දැක්‌වීය.

“සමහරදාට අපිට නියම දාට සල්ලි ගෙවන්න බැරි වෙනව. ලොකු සර් මුකුත් කියන්නේ නැහැ. ලොකු මැඩම් නම් නරක විදියට මතක්‌ කර කර එවනව. අන්තිමේදි ගෙවන දාට ඩිලේ චාර්- කියල සියයට දහයක පොලියකුත් අය කරනව. හරිම කැතයි. මේක හරියට ගිනි පොලි කාරයෙක්‌ගේ පොලී කඩයක්‌ වගෙයි.

සමහර පාසැල් හේතු කීපයක්‌ මත ඇතුලත්වීමේ ගාස්‌තු අය නොකරයි. ඔවුන් පෙන්වන හේතු නම් මුදල් නැති අය වෙනුqවෙන් පෙන්වන දයාව සහ සහනයයි. එසේම තම පාසැල සඳහා කරන ප්‍රවර්ධන හෝ ප්‍රචාරණ සැලැස්‌මක්‌ ලෙසද පෙන්වයි. නමුත් ඇඩ්මිෂන් ගාස්‌තුවක්‌ නොගත්තාට ඔවුන් එම මුදල ගානට වාර ගාස්‌තු වලින් හෝ පොත් ලිස්‌ට්‌ එකෙන් සහ නිල ඇඳුමෙන් අල්ලයි.

පොත් ලැයිස්‌තුව සහ නිල ඇඳුම

බහුතරයක්‌ ළදරු පාසැල් වල වසර ආරම්භයේද දරුවා වෙනුවෙන් ගත යුතු පොත් ලැයිස්‌තුවක්‌ දෙමාපියන්ට ලබා දෙයි එයට චිත්‍ර අඳින පොත්, පැන්සල්, මකන, චෝක්‌, පාට පැන්සල්, කතුරු, අකුරු ලියන, පොත්, පාට කොල, ක්‌ලේ, ගම් ආදී සාමාන්‍යයෙන් දරුවන්ට ඕනි දේ අයත්වෙයි. දෙමාපියන්ට කැමති තැනකින් ඒවා මිලට ගෙන සතියක්‌ ඇතුලත කවර දමා නම් ගම් අලවා පන්ති භාර ගුරුතුමියට භාර දිය යුතුය. නමුත් මෙසේ පොත් ලිස්‌ට්‌ එක පිටතින් ගන්න නොදී තම පාසැලේ පොත් කඩයෙන්ම ඉෂු (නිකුත්) කරන අමුතු ළදරු පාසැල් කීපයක්‌ ගැනත් අපට ඉව වැටුනි. මේ එවන් පාසැලක සිටිනා දරුවෙකුගේ පියෙක්‌ කළ කතාවයි.

“අපෙන් රුපියල් අටදාහක්‌ ගන්නවා පොත් ලිස්‌ට්‌ එකට කියල ඒවා පිටින් ගන්න තහනම් රුපියල් පහේ ශොපින් බෑග් එකක්‌ පිරෙන්න පොත් ටිකකුයි, පාට පැන්සල්, චෝක්‌, කුතුරු ගම් එහෙමයි, ලාබ සෙල්ලම් බඩු දෙක තුනකුයි, පාට කොල ටිකකකුයි තමයි ඒකේ තියෙන්නෙ. මමයි මගේ නෝනයි තවත් අම්මල තාත්තල කීප දෙනෙකුයි දවසක්‌ ලිස්‌ට්‌ එකත් එක්‌ක සසඳල පොත් වල වටිනාකම බැලුවා. රුපියල් අටදාහක්‌ තියා රුපියල් දෙදාහක පොත් නැහැ. සෙල්ලම් බඩුයි පාට පැන්සල් ටිකයි ආවාම යන්තම් රුපියල් තුන්දාහ පැන්නුව. මුන් මහ ගසාකන හොරු.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව වයස අවුරුදු හතරට අඩු ළමයින්ට තද නීති රීති සහ දැඩි කාලසටහනකට අනුව වැඩ කරවීම තහනම් දෙයකි. එමෙන්ම ඔවුන්ට නිල ඇඳුමක්‌ හෝ එක පාට ඇඳුමක්‌ ඇන්දවීමද තහනම්ය. නමුත් අප රටේ බහුතරයක්‌ මොන්ටිසෝරි වල මෙම නීතිය අමු අමුවේම බිඳ දමති. ඒ ළමුන්ව දැඩි කාල රාමුවකට කොටු කිරීමෙන් සහ පාසලේ නම සහ ගම මුද්‍රිත නිල ඇඳුමක්‌ ඇන්දවීමෙනි.

සමහර ටීචර්ලා බඩ බුරිය පෙන්වමින් අඳින හිප්ස්‌ටර් සාරිය කුඩා දරුවන්ට බලපෑමක්‌ නොකලත් තරුණ තාත්තලාට සහ නාකි විසේ ඇති සීයලාට නම් කිතියක්‌ ගෙන දෙන බව නම් නොකියා බැරිය. එනිසා ඒ ගැන එම තරුණියන් මදක්‌ සිතිය යුතුය.

මේ ගුරුවරියන් අතර කපටි වාසි සොයන සහ බක පණ්‌ඩිත තරුණියන්ද සිටින බව කියන්නට කැමැත්තෙමි. සමහරු මුදල් හදල් ඇති ධනවත් පන්තියේ දෙමාපියන්ගේ දරුවන්ට වැඩි අවධානය යොමු කොට තෑගි බෝග ගැනීමට ප්‍රවනතාවයක්‌ දක්‌වයි ඔවුන්ව පමණක්‌ සුරතල් කරයි. වඩා ගනී. වාරාවසාන විවිධ ප්‍රසංගයට තෝරාගන්නේ නොහොත් ප්‍රධාන කැපී පෙනෙන චරිත දෙන්නේ එවැනි දරුවන්ට පමණක්‌ බවට සමහරු කියයි.

“මගේ පුතා මොන්ටිසෝරි යද්දි හැමදාම පළවෙනියා. ලොකු තරු. හැමදාම ලකුණු සියයෙන් සීයයි. ටීචර් කියන්නෙම පුතාගේ දක්‍ෂකම්. ඒත් පුතා එක වසරට දැම්මම තමයි මම දැනගත්තේ අපේ එකාට මුකුත් බැහැ කියල. මෙච්චර කාලයක්‌ ටීචර් අපිව අන්දල අපෙන් හොඳ නමයි තෑගි බෝග ගන්නයි.”

ඇත්තටම අප කුඩා කාලයේදී අපට මොන්ටිසෝරි වල සිලබස්‌ එකක්‌ හෙවත් විෂය නිර්දේශයක්‌ මෙන්ම අත්වැඩක්‌ චිත්‍රයක්‌ හැරුණු විට ගෙදරදී කළ යුතු මහා වැඩක්‌ පැවරුනේ නැත. නමුත් අද මොන්ටිසෝරි වල මහ විශාල සිලබස්‌ සහ දෙමාපියන්ට පවා දරාගත නොහැකි හෝම් වර්ක්‌ පටවයි. ඇත්තටමඑ ය දරුවන්ට වඩා දෙමාපියන්ට බරකි. අනවශ්‍ය කරදරයකි. කුඩා දරුවන්ගේ සියුම් මනසටද වධයකි. අසහනයකි. සති අන්තයේ සහ පාසැල් වෙලාවෙන් පසුව කෙළිදෙලෙන් ක්‍රීඩා කළ යුතු මට්‌ටමේ සිටින සිඟිත්තා මෙම අනවශ්‍ය බර නිසා පීඩාවට පත්වන අවස්‌ථා බොහෝය. ළදරු පාසැල් සංකල්පයේ මව ලෙස සලකන මාරියා මොන්ටිසෝරි මැතිණියගේ න්‍යායට අනුව කුඩා දරුවාට දැඩි කාලසටහන්, නිලඇඳුම් සහ දඬුවම් සියයට සීයක්‌ අකැපය.

ටියුෂන් මෙන්ම මොන්ටිසෝරි ක්‍රමයද දැන් අප රටේ මාපියාවක්‌ බවට පත්වෙමින් යයි. යහපාලන ආණ්‌ඩුව යටතේ පෞද්ගලික උපකාර පන්ති සහ මොන්ටිසෝරි යන විෂයන් අයත් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටද වෙළඳ කටයුතු අමාත්‍යාංශයටද නැතිනම් නීතිය සාමය සහ බන්ධනාගාර පුනරුත්තාපන අමාත්‍යාංශයටදැයි නිනව්වක්‌ නැතත් අදාල අමාත්‍යවරයා ඉතා ඉක්‌මණින් මෙම විෂයන් ගැන පියවරක්‌ නොගන්නේ නම් රටේ බාල පරම්පරාවට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණකැයි කියා කිව හැකිය.

 

මිත්‍ර ශ්‍රී කරුණානායක


 

source| දිවයින

660*90

Comments:

Comments are closed.